skip to main | skip to sidebar

මගෙන් මතයක්

Friday, January 14, 2011

කන්තෝරුවෙ ගෑනු!!

තමන්ගෙ කාර්‍යාලයේ ඉන්න කාන්තා පාර්ෂවයත් එක්ක කුළුපගවෙන්න ගොඩක් අය උත්සහ කරනව මම දැකලා තියනවා. බොස්ලගෙ උත්සහය නම් කුළුපග වෙනවට වඩා ගොඩක් දුර ඉලක්කයකට යන්න. මම කියන්නට යන්නේ ඔවුන් ගැනය.
මම ඉන්න කන්තෝරුවෙත් තියෙන්නේ ඔය වගේම තත්වයක්. සමහර ගෑනු පරාන මේ office එකේ බොස්ලගෙ වාසනාවටම ආව අය කියලයි හිතෙන්නේ.ඒ තරමට තමන්ගෙ බොස්ට කුළුපගයි. කන්තෝරුවෙ වැඩට වගේම වෙන දෙයකටත් නෑ බෑ නොකියන ඉතාමත් ඉහලින් සේවයට කැපවුනු අය.
හිරිකිතයක් නැතිව තම බොස් සමඟ ගමනක් ගියා යැයි පැවසීම ඔවුනට කෙසේ වුවත් අසා සිටින අනෙකුන්ට හිරිකිතයක් ගෙන දෙයි. ඇතමුන් එය හොර රහසේ සිදුකරගෙන යනු ලැබුවද අනෙකුන්ට එය රහසක් බව සිතා සි‍ටුනුයේ ඔවුන්ම පමණකි. එය ඔවුනගේ අසාර්ථක බවද නැතහොත් කාර්‍යාලයේ සිටින වාර්ථාකරුවන්ගේ දස්කමදැයි මා නොදනිමි.
මා දන්නා තවත් කාර්‍යාලයක සිදුවූයේ මෙයට නොදෙවනි සිදිවීමකි. එනම් වසර 23-24 වියෙහි පසුවන සේවිකාවක් තම කාර්‍යාලයේ ස්වාමියා හා විසීමය. හොඳම කරුන වනුයේ ඔහුගේ දරුවන් එමසේවිකාවට වඩා වයසින් වැඩි වීමය. විටෙක මෙය ගුජුප්සා ජනකය, වරප්‍රසාද ලබාගන්නා අටියෙන් සිදු කරන මෙවන් දේ වැලැක්වීමට අපට කෙලෙස දායක විය හැකිද? එය ඇතැම්විට අපගේ ‍රැකියා සුරක්ෂිත බාවයට සෘජුව බල නොපානු ඇද්ද??
Posted by ඉන්ද්‍රකීල at 11:48 PM 0 comments

Thursday, January 13, 2011

නැවත නැවතත්....

නැවතත් මගේ මතය ඔබ හමුවේ ඉදිරිපත් කිරිමට මා අදහස් කරමි.. කාර්යබහුලත්වය මෙන්ම මා මුහුණ දුන් ගැටලු මා මින් ඈත් කර තැබීමට තරම් පොහොසත් වීම මා හට ඇති කරන ලද්දේ දුකකි.  හිතෙහි තෙරෙපෙන අදහස් හුදෙක් සුසුමකට සීමා නොකොට අන්තර්ජාල අවකාශයට මුසුකිරීම මාගේ අරමුණ වී ඇත.. එහි ගුණ දොස් දක්නා ඔබට තුති!!
Posted by ඉන්ද්‍රකීල at 6:55 AM 0 comments
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)
Related Posts Plugin for WordPress, Blogger...

To Add Sinhala
Click here

සිංහලෙන්ම කොමෙන්ට්
Online Sinhala English Converter

මගෙන් මතයක්

Loading...


කියවපු කට්ටිය...

Free Hit Counter

Subscribe To

Posts
Atom
Posts
All Comments
Atom
All Comments

Blog Archive

  • ▼  11 (2)
    • ▼  Jan (2)
      • කන්තෝරුවෙ ගෑනු!!
      • නැවත නැවතත්....
  • ►  10 (10)
    • ►  Jun (2)
    • ►  May (3)
    • ►  Apr (5)

About Me

My photo
ඉන්ද්‍රකීල
ජීවිතය විඳවන්නට නොව විඳින්නට වෙර දරන, වෙනකෙකුට අත්නොපා වෙනකෙකුට අත දීමට උත්සහ දරන පරම අභිලාශයෙන්, ජීවිතය දකින්නෙක්මි
View my complete profile

Followers

Snap Shots

Get Free Shots from Snap.com

Web site Submition

Submit your web site to a quality web directory today This site is listed under Philosophy Directory
 
Copyright © මගෙන් මතයක්. All rights reserved.