skip to main | skip to sidebar

මගෙන් මතයක්

Thursday, April 29, 2010

කුඩා පරිමාණ ව්‍යාපාර..

ඇත්ත වශයෙන් මාගේ මතය අපේ රටට ගැලපෙනුයේ කුඩා පරිමාණ ව්‍යාපාර බවයි. ඇතැම් විට බොහෝ දෙනෙකු එය එසේමැයි පවසනු ඇත. ඒ ඔවුන් දන්නා තරම යැයි මාගේ මුවින් පිටවනු ඇතැයි මට දැනුදු කිසිදු සැකයකින් තොරව පැවසිය හැක. මන්ද යත් රටක සංවර්ධනය කිරීම සඳහා විවිද ක්‍රියාමාර්ගයන් පවතින අතර මෙරට හා සමාන ආර්ථික අවපාතයන් ඇති රටක් සංවර්ධනයට කුඩා පරිමාණ කර්මාන්ත මෙන්ම මහා පරිමාණ කර්මාන්තද යොදාගත හැක.
ඕනෑම රටක පාලනයට එහි පාලකයන් ලෝකයේ සම්මත යැයි පිළිගත් න්‍යායන් භාවිතා කරනා බව ඕනෑම දේශපාලන විග්‍රහකයකුට වැටහේ. එය සාමාන්‍ය ජනයා හට ස්පර්ශ නොවනා මට්ටමකින් පවත්වා ගැනීමට සෑම රජයක්ම උත්සහ දරති. එය එසේ වන්නේ ඔවුනට වටහා දීමට අපහසු නිසා මෙන්ම එම යොදා ගැනීම් අසාර්ථක වූ විට ඔවුන් මත පැටවෙන වරද අවම කරගැනීමටත්ය.

මෙරට බොහෝ අයට නොතේරුනද මහා පරිමාණ ව්‍යාපාර නොවුවද මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කර ඇත්තේද රටේ සංවර්ධනය ඉලක්ක කරගෙනය. එය ඉතා පැරණි න්‍යායක්ද වේ. නමුදු අදටද මනාව ගැලපෙන්නාවු අදටත් ඇතැම් රටවල් භාවිතයට ගන්නා න්‍යායකි. අද රජය කුඩා පරිමාණ ව්‍යාපාර, ව්‍යාපෘති ආරම්භ කිරීම නවතා ඇත.
එමගින් මාගේ මතය අනුව ඔවුන් ඉලක්ක දෙකක් සපුරා ගනී. ඉන් එකක් නම්, මහා පරිමාණ ව්‍යාපෘති පෙන්වා රටේ ජනතාවගේ ජීවනබර පිළිබද පැනනගින විරෝධතා මගහැරවීමය. එවන් ව්‍යාපෘති දකිනා ජනතාව අපට නැතිමුත් රටට හෝ යම් දෙයක් වේ යැයි තම විරෝධතාවයන් යටපත් කරයි. අප රටේ ජනයා සහනාධාර මත යැපීමට උත්සහ දැරීම නිසා රජයට එවන් ප්‍රතිලාභයක් නොලැබෙන දෙයක් වෙනුවෙන් මුදල් යෙදවීමේ නොහැකියාවක්ද පවතින බැව් සත්‍යකි.
අනෙක් ඉලක්කය වනුයේ මෙම දීර්ඝ කාලීන ව්‍යාපෘති අවසන් වනතුරු රටේ සංවර්ධනය බලාපොරොත්තු වන ජනයා රජය හා බැදී පැවතීමය. රජයේ යහපැවැත්මට මෙන්ම, එහි ස්ථාවරභාවයටද මෙම තත්වය මනා රුකුලකි.

අරමුණු ඉලක්කයන් කෙසේ වුවද මෙම ව්‍යාපෘති හරහා ජනතාවට සෘජු ප්‍රතිලාභයක් ලැබීමට මහත් කාලයක් වැයවේ. තවද මෙම ව්‍යාපෘති හරහා අප රටට තාක්ෂණයන් දැනුමද සෘජුව නොලැබෙන අතර ලැබෙන නමුත් කුඩා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමක් සිදුවන්නේනම් එහිදී කිහිපයකට සීමා නොවී සංඛ්‍යාත්මකව ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ආරම්භ කිරීමට සිදුවේ. එමගින් වැඩි පරාසයක් ආවරණය වන පරිදි රටේ ව්‍යාපාර දියුණු වන අතරම ජනතාව තම සාම්ප්‍රදායි දැනුම ඒ තුලට ආරෝපණය කර අප රටට ගැලපෙන ආකාරයට ව්‍යාපාර දියුණුකිරීම සිදුවේ. මේ හරහා සෘජු සහ ඉක්මන් ප්‍රතිලාභ ජනතාවල ලැබීම නිතැතින්ම සිදුවේ.
Posted by ඉන්ද්‍රකීල at 6:58 PM 0 comments

Wednesday, April 28, 2010

කැම්පස් Final Project.. ( I )

ජිවිතේ දහසක් බලාපොරොත්තු පොදි බැඳන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට පා නඟනා සිසුන් වසර 3ක් හෝ 4ක් අවසන ඉන් පිටවේ.
එයට මත්තෙන් ඔවුන් වෙත පැවරෙන මහත්වු අභියෝගයක් වනුයේ අවසාන වසර ව්‍යාපෘතියයි. අයෙකුට එය පරිඝනක ආශ්‍රිත ව්‍යාපෘතියක් වන අතර අයෙකුට එය ලිඛිත ව්‍යාපෘතියක්  වේ.තවත් අයෙකුට එය ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් වේ. වසර 3ක අවසන තම අත්දැකීම්, ලත් පරිචයන් මගින් ඉදිරිපත් කරන්ට ලැබෙන්නාවු මෙය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ මාහැඟි අවස්ථාවකි.

නමුත් එහි පවතින්නාවු අඳුරු පසුබිම දකිනුයේ එම ප්‍රවාහයට එක් වූ ආචාර්ය වරුනුත් සිසු පරපුරත් පමණි. මන්ද යත් ජලයේ ගැඹුර දැන ගනුයේ එහි බැස සිටිනා අය පමණක් වන බැවිණි.
අධ්‍යාපනය පිලිබඳ උපරිම දැනුමක් ඇති මුත්  විශයන් පිළිබඳ සහ විශය අන්තර්ගතය පිළිබඳ අවම දැනුමක් ඇති පිරිසක විසින් තීරණ ගන්නා බවක් නොහැගෙන්නේද නොවේ.
මෙම ව්‍යාපෘති අඩාල විමටද විවිද හේතු සාධක පාදක වන බව මාගේ මතයයි..
ඒ අතර වැඩ අදික වීමත්, ව්‍යාපෘතිය තෝරාගතයුතු විශය පතයන් පිළිබඳ අවබෝධය මද වීමත් ප්‍රධාන සාධක වේ. එයට අමතරව කාල රාමු ඉදිරිපත් කරමින් සිසුවා රාමුවකට කොටු කිරීම නිසා ඔහුට ලැබෙන්නාවූ විශ්වවිද්‍යාල දිවියේ පරික්ෂනාත්මක ව්‍යාපෘතික් ඉදිරිපත් කිරීමේ අවසන් අවස්ථාවට තහංචි පැනවේ.
Posted by ඉන්ද්‍රකීල at 9:47 PM 0 comments

මොරටු ආචරණය Vs මොරටු යකා ගැසීම

අද වෙලාවක් තිබ්බ හින්ද මම සිංහල බ්ලොග් එකක් කියවන කොට මට දැන ගන්න ලැබුනා මොරටු ආචරණය කියලා දෙයක්. ඇත්තටම එතන කියල තිබ්බේ මොරටුවෙ සිරා කොල්ලෝ එච්චරම සිරා නැති කෙල්ලො එක්ක ගොඩ යනවා කියලා.ඒ වසර දෙකක් පමණ කෙල්ලෙක් එක්ක ගොඩ යන්න try කලාට පස්සේ.එතනති තව සිද්දියක් වෙන්නේ මොරටු කැම්පස් එකේ වෙන කැම්පස් වගේ ස්ත්‍රී පාර්ශවය බහුල නොවීමය.
මීට වසර 2කට විතර කලින් මට මගෙ පරණ මිත්‍රයෙක් මුණ ගැහුනා. එයා මොරටු කැම්පස් එකේ ඇතුලෙ ගැට්ට run කරන කෙනෙක්. එයා කිව්ව විදියට කලින් කිව්ව සිද්දිය ඒගොල්ලන්ගෙ බාසාවෙන් මොරටු යකා ගැසීම වේ.
මට මේකෙන් හිතුනේ 2කයි.
එකක් මොරටු කැම්පස් එකේ අපේ සහෝදරයො ඉතාමත් අසහනයකින් පෙළීම. ඇත්තටම මම මෙතනදි ඒ අය පහත් කරල හිතනව නෙමේ.මම දකින්නෙ එක් මිනිස් මූලික අවශ‍‍‍ය්‍යතාවක් වන කෙල්ලෙක්, නොමැතිවීමක් විදියටයි.
අනික එය පිටතට නොපෙන්වීමට ආරූඪ නාමයන් භාවිතා කරමින් එය වසා ගන්න උත්සහ කරනව කියලයි.ආරූඪ නම් අපි පාවිච්චි කරන්නෙ අපිට යම් දෙයක් අන් අයට නොදැනෙන විදියට නම් කිරීමට කියලයි මට හිතෙන්නේ.අඩුම තරමින් එය එක් වසරක් සිට අනිත් වසර සිසුන්ටවත් නොදැනීවමට වග බලා ගත්බවකි. එසේ නොවුනේ නම් භාවිතා වන ආරූඪ නාමය එකක් වීමට ඉඩ තිබිනි.
Posted by ඉන්ද්‍රකීල at 6:59 PM 0 comments

Tuesday, April 20, 2010

වදක භාරී......

බිරිඳ, භාර්යාව, wife ඔය කොයි එකෙන් කිව්වත් කියන්නේ එක කෙනාටමයි. බිරිඳ වනාහී තම දුක සතුට බෙදා ගැනීම සඳහා පිරිමියා ලඟ සිටිනා සෙවනැල්ලකැයි සිතීම විටෙක මා ප්‍රතික්ෂේප කරමි. මා එසේ පවසනුයේ හුදෙක් සෙවනැල්ලක් නොවිය හැකි නිසා නොව, සෙවනැල්ලක් නොවී විටෙක ප්‍රතිවාදියකු වන බැවිනි. ජිවිත්ය බෙදා ගැනුමට වඩා ජීවිතය බදා ගැනුමට පොර බඳින අයෙකු හා ජිවිතය බෙදා ගැන්ම උගහටය.
බිරිඳක සංසුන් ජිවිතයක්, ක්‍රියාවක් අනුගමනය කිරීමක්ම සිදු විය යුතු යැයි මා විශ්වාස නොකරන මුත් සංසුන් මනසක් තිබිය යුතු යැයි දැඩිව විශ්වාස කරමි. මෙය හුදෙක් ගැහැනියට පමණක් නොව පිරිමියා යන ඒකකයේද අංගයක් විය යුතුය.
අන් අයගේ සිතුවිලි වලට බලපෑම් නොකිරීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තක් යැයිද එසේම අන් අයගේ අදහසට ගරු කිරීමද ඒහා සම මට්ටමින් තිබිය යුතු යැයිද මාගේ විශ්වාසයයි.
එසේ නොවීම වදක භාරී යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීමට එක් සුදුසුකමක් වනු ඇත.
Posted by ඉන්ද්‍රකීල at 7:34 PM 0 comments

Monday, April 19, 2010

අසමාන වූ අදහස්

ඇතමෙක් තම අදහස ලෝකයා හට විවර කරනා විට තවෙකෙක් තම අදහස විවර නොකරනුයේ එම අදහසට ලැබෙන්නාවු ප්‍රතිචාරයන් පිළිබඳ වු දෙගිඩියාව නිසාමය.
මේ ලොව පවත්නා කිසිවකු ශාරීරික වශයෙන් සම නොවනා සේම අදහස් මතිමතාන්තර අනුවද වෙනස් වේ. තම අදහස් එකම යැයි පවසන පෙම්වතුන් පවා මෙම යතාර්ථය පිලිගැනීමට මැලිකමක් දක්වනුයේ මන්දැයි මා හට සිතා ගැනීමට පවා අපහසුය. විටෙක තම අදහස් අසමාන යැයි පවසනා ඔවුන් වෙන් වන්නට තීරනය කරනුයේ සදාතනික සත්‍යක් වූ "අසමාන වූ අදහස්"යන ශීර්ෂය සමඟින්ය.
මාහට අත්දැකීමෙන් තේරුම් ගත්හා සේ තම සිත්ගත් පෙම්වතා/පෙම්වතී ඉදිරියේ තම අදහස් යටපත් කොට තබා ගැනීමට මොවුන් පෙලබෙනුයේ තම විශ්වාසය වූ සම අදහස් දරන්නේය යන පුහු මානසිකත්ව බිදෙනා බැවිනි. විටෙක මෙහි වරදක් නොදැකීමට මාද පෙලඹූයේ තම ආදරය අහිමිවේ යැයි වූ බිය නිසාවෙනි. විටෙක මෙය අනාගතයට බලපානා බැව් එසේ සිතී මට පෙලඹුනු මා සේම අන් අයද දන්නාවූ කරුනක් විය හැක.
Posted by ඉන්ද්‍රකීල at 10:14 PM 0 comments
Newer Posts » Home
Subscribe to: Posts (Atom)
Related Posts Plugin for WordPress, Blogger...

To Add Sinhala
Click here

සිංහලෙන්ම කොමෙන්ට්
Online Sinhala English Converter

මගෙන් මතයක්

Loading...


කියවපු කට්ටිය...

Free Hit Counter

Subscribe To

Posts
Atom
Posts
All Comments
Atom
All Comments

Blog Archive

  • ►  11 (2)
    • ►  Jan (2)
  • ▼  10 (10)
    • ►  Jun (2)
    • ►  May (3)
    • ▼  Apr (5)
      • කුඩා පරිමාණ ව්‍යාපාර..
      • කැම්පස් Final Project.. ( I )
      • මොරටු ආචරණය Vs මොරටු යකා ගැසීම
      • වදක භාරී......
      • අසමාන වූ අදහස්

About Me

My photo
ඉන්ද්‍රකීල
ජීවිතය විඳවන්නට නොව විඳින්නට වෙර දරන, වෙනකෙකුට අත්නොපා වෙනකෙකුට අත දීමට උත්සහ දරන පරම අභිලාශයෙන්, ජීවිතය දකින්නෙක්මි
View my complete profile

Followers

Snap Shots

Get Free Shots from Snap.com

Web site Submition

Submit your web site to a quality web directory today This site is listed under Philosophy Directory
 
Copyright © මගෙන් මතයක්. All rights reserved.