එයට මත්තෙන් ඔවුන් වෙත පැවරෙන මහත්වු අභියෝගයක් වනුයේ අවසාන වසර ව්‍යාපෘතියයි. අයෙකුට එය පරිඝනක ආශ්‍රිත ව්‍යාපෘතියක් වන අතර අයෙකුට එය ලිඛිත ව්‍යාපෘතියක් වේ.තවත් අයෙකුට එය ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් වේ. වසර 3ක අවසන තම අත්දැකීම්, ලත් පරිචයන් මගින් ඉදිරිපත් කරන්ට ලැබෙන්නාවු මෙය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ මාහැඟි අවස්ථාවකි.
නමුත් එහි පවතින්නාවු අඳුරු පසුබිම දකිනුයේ එම ප්‍රවාහයට එක් වූ ආචාර්ය වරුනුත් සිසු පරපුරත් පමණි. මන්ද යත් ජලයේ ගැඹුර දැන ගනුයේ එහි බැස සිටිනා අය පමණක් වන බැවිණි.
අධ්‍යාපනය පිලිබඳ උපරිම දැනුමක් ඇති මුත් විශයන් පිළිබඳ සහ විශය අන්තර්ගතය පිළිබඳ අවම දැනුමක් ඇති පිරිසක විසින් තීරණ ගන්නා බවක් නොහැගෙන්නේද නොවේ.
අධ්‍යාපනය පිලිබඳ උපරිම දැනුමක් ඇති මුත් විශයන් පිළිබඳ සහ විශය අන්තර්ගතය පිළිබඳ අවම දැනුමක් ඇති පිරිසක විසින් තීරණ ගන්නා බවක් නොහැගෙන්නේද නොවේ.
මෙම ව්‍යාපෘති අඩාල විමටද විවිද හේතු සාධක පාදක වන බව මාගේ මතයයි..
ඒ අතර වැඩ අදික වීමත්, ව්‍යාපෘතිය තෝරාගතයුතු විශය පතයන් පිළිබඳ අවබෝධය මද වීමත් ප්‍රධාන සාධක වේ. එයට අමතරව කාල රාමු ඉදිරිපත් කරමින් සිසුවා රාමුවකට කොටු කිරීම නිසා ඔහුට ලැබෙන්නාවූ විශ්වවිද්‍යාල දිවියේ පරික්ෂනාත්මක ව්‍යාපෘතික් ඉදිරිපත් කිරීමේ අවසන් අවස්ථාවට තහංචි පැනවේ.
No comments:
Post a Comment