මාගේ මෙම මතයට බලපාන සාධක කිහිපයකි.
එනම්, රජය තම ඒකාධිකාරය මෙම ක්ෂේත්‍රයේ පවත්වාගෙන සිටින තාක් එහි වර්ධනය රජයේ ආර්ථික හා ආකල්පමය සීමාවන් වලට යටත්ව සිදුවනවා මිස අද සමාජයේ අවශ්‍යතාව මත සිදු නොවේ. එය සත්‍යකි. මේ පිළිබද කරුණු දන්නා සැමට මෙය මනාව වැටහෙන බැව් මා හොදාකාරව දනිමි. මා මෙහි රාජ්ය්‍ය ප්‍රතිපත්තීන් හි වරදක් නොදකිමි. ඕනෑම රජයකට කලහැකි සීමා පවතී. වරද පවතිනුයේ සහනාධාර වරප්‍රසාද මත ජීවිතය පවත්වා ගැනීමට පෙළ ගැසෙන ජනයා වේ. සීමාන්තික වර්ධනයක් සමඟින් යාවත්කාලීන නොවූ වැඩිදුර අධයාපනයක් ලබා මතු දිනක අගතියකට ලක්වන්නේ තමන්ම යැයි පවසන මොවුන් එදින තමන් හට ලබා දුන් නිදහස් අධ්‍යාපනයේ අඬුලුහුඩුකම් දකියි.
අනෙක් සාධකය වන්නේ විශ්වවිද්‍යාලයන් හී අධයාපනය ලබන 12,000කට ආසන්න සිසු පිරිසට අමතරව විශ්වවිද්‍යාලය වරම් නොලබන අනෙක් පිරිස වැඩිදුර අධයාපනයක් ලබනුයේ කෙසේද යන්නය. ඔවුනට මෙරට අධ්‍යාපන ලැබීමට වරම් අහිමි කරවීමට තරම් මිනිසුන් කුහක වීම මා අනුමත නොකරමි. අධ්‍යාපන ලැබීම මිනිසාගේ මූලික අයිතියකි. මෙරට අධ්‍යාපන වරම් නොලබන ඔවුන් විදේශ ගතවීම හරහා රටේ සංවර්ධනයට යෙදවිය හැකි මහත් ධනයක් විදේශයන්ට ඇදීයන බව පුද්ගලික සරසවි ආරම්භකිරීමට විරුද්ධ වන්නන් නොදැකීම අභාග්‍යකි. ඇතැම්විට එම තත්වය හෝ අවබෝධකර නොගන්නා ඔවුන් එසේ විදේශ අධ්‍යාපනය ලැබීම පවා පහත්කොට සලකයි.
මේ වනවිට ආසියාතික රටවල් වන ඉන්දියාව සහ බංගලාදේශය තම ප්‍රධාන විදේශ විනිමය ලබාගන්නා ක්‍රමෝපායක් ලෙස විශ්වවිද්‍යාලය අධයාපනය ලබාදීම දියුණු කොට ඇත්තේ පෞද්ගලික අංශයේද සහයෝගය ඇතුවය. ශ්‍රී ලංකාව එම තත්වයට නොයාම ඉදිරි අනාගතයේ අවාසිදායක තත්වයන් ඇතිකල හැක.
දැනුමින් සන්නද්ධ පුරවැසියන් රටට සම්පතකි. ඔවුන් දිනක රටේ සංවර්ධනයට සෘජුව නොවූවද වක්‍රව හෝ දායන වන්නේය. එසේ හෙයින් තව දුරටත් පුද්ගලික සරසවි ආරම්භකිරීම ප්‍රමාද කල යුතුද?
No comments:
Post a Comment