අද සමාජයේ සිටිනා විට මා දකිනා අයුරින් අතයවශ්‍යම අංගයකි මුහුවීම. මුහුවීම ලෙස මා දකිනුයේ ඕනෑම සමාජ මට්ටමක ඕනෑම තරාතිරමක පුද්ගලයකු හා එකට සිටීමේ හැකියාවය.
ඕනෑම අයකුගේ තරම දැන ඇසුරු කිරීම හරහා ඔවුන් හා අමනාපයන් ඇති නොකරගෙන ජීවත් වියහැකි වන අතරම අමනාප වීමෙන් අනාගතයේ ඇතිවිය හැකි බලපෑම් අවම කරගත හැකි වේ.
තවද අවශ්‍ය විටක තම හැකි පමනින් උදව් කිරීමත් තමා තුල අන් අය තුල නැති යහපත් සහ ප්‍රයෝජනවත් ගුණාංග ඇතිකරගැනීමත් මත ඕනෑම අයකුට තමා අත්‍යවශය පුද්ගලයකු බවට පත්වේ.ඒ තුලින් තමා හට අන් අයට ලඟා වියහැකි මට්ටමකට පත්විය හැකි අතර ඒ සමඟින් ඔවුන්ගේ චරිතාංගයන් ගැන පැහැදිලි අවබෝධයක් ගත හැක.
තමාට නොගැලපේ යැයි සිතනා අය ඉවත් කිරීමට වඩා ඔවුන් හැඳිනගෙන ඇසුරු කිරීම වඩා ඵලදායී වේ. (එය හුදෙක් පලිගැනීමේ චේතනාවෙන් නොකල යුතුබැව් මා අවධාරනයෙන් පවසමි.)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment