මා අදහන්නාවූ ධර්මතාවයන් අනුව දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර බැඳීම් පවතිනුයේ ඔවුන් අනෙකා මත පවත්වාගෙන යන්නාවු වාචිකව සහ චර්යාත්මක ක්රියාදාමයන් මතය.
එක් අයකු අනෙකා හට කරන්නාවූ බලපෑම් විටක ඔහුගේ හෝ ඇයගේ වචනයෙන් අඳුනාගත හැකි සේම විටක එය චර්යාවට පමණක් සීමා වේ. බලපෑමේ ස්වභාවය මත බැඳීම මිතුරු හෝ සතුරු බැඳීමක් විය හැක. එසේම බලපෑමට ලක්වන්නා එම බලපෑම විග්රහ කරගන්නා ආකරය මතද සම්බන්ධතාව තීරණය වේ.
වැරදි නිගමනයන්ට එළඹීම මෙන්ම වැරදි අර්ථකතනයන්ට ලක්වීම මෙම විග්රහකරගැනීමේදී වැදගත් සාධකයන් වේ.
තවද එක් අයකු මත කල නොකල යුතු යැයි සම්මත කරගන්නා දේ තමාද අනුගමනය කලයුතු යැයි මාගේ මතයයි. එය එසේ නොවීම බල සමතුලිතයට විශාල හානියක් වන්නේය. ආකල්පමය වෙනසද බැඳීම් විශයෙහි වැදගත් කාර්යයක් සිදුකරයි. දීර්ඝ කාලීනව ආකල්පයන් වෙනස් වීමකට බදුන්විය හැකි මුත් ඒතාක් බැඳීම් පවත්වාගැනීම ගැටලුවලට තුඩුදෙන්නකි. සමාජ පරිසරය මෙන්ම ජීවිතයේ ලබන අත්දැකීම් මෙම තත්වයන්ට සෘජුව හෝ වක්රව බලපෑම් ඇති කරයි.
බැඳීම් සම්බන්දයෙන් මා දරන්නාවු මතයන්ගෙන් සුළු ප්රමානයක් වුවද මෙහි ඔබ වරදක් දකින්නේද?