අද වෙලාවක් තිබ්බ හින්ද මම සිංහල බ්ලොග් එකක් කියවන කොට මට දැන ගන්න ලැබුනා මොරටු ආචරණය කියලා දෙයක්. ඇත්තටම එතන කියල තිබ්බේ මොරටුවෙ සිරා කොල්ලෝ එච්චරම සිරා නැති කෙල්ලො එක්ක ගොඩ යනවා කියලා.ඒ වසර දෙකක් පමණ කෙල්ලෙක් එක්ක ගොඩ යන්න try කලාට පස්සේ.එතනති තව සිද්දියක් වෙන්නේ මොරටු කැම්පස් එකේ වෙන කැම්පස් වගේ ස්ත්‍රී පාර්ශවය බහුල නොවීමය.
මීට වසර 2කට විතර කලින් මට මගෙ පරණ මිත්‍රයෙක් මුණ ගැහුනා. එයා මොරටු කැම්පස් එකේ ඇතුලෙ ගැට්ට run කරන කෙනෙක්. එයා කිව්ව විදියට කලින් කිව්ව සිද්දිය ඒගොල්ලන්ගෙ බාසාවෙන් මොරටු යකා ගැසීම වේ.
මට මේකෙන් හිතුනේ 2කයි.
එකක් මොරටු කැම්පස් එකේ අපේ සහෝදරයො ඉතාමත් අසහනයකින් පෙළීම. ඇත්තටම මම මෙතනදි ඒ අය පහත් කරල හිතනව නෙමේ.මම දකින්නෙ එක් මිනිස් මූලික අවශය්‍යතාවක් වන කෙල්ලෙක්, නොමැතිවීමක් විදියටයි.
අනික එය පිටතට නොපෙන්වීමට ආරූඪ නාමයන් භාවිතා කරමින් එය වසා ගන්න උත්සහ කරනව කියලයි.ආරූඪ නම් අපි පාවිච්චි කරන්නෙ අපිට යම් දෙයක් අන් අයට නොදැනෙන විදියට නම් කිරීමට කියලයි මට හිතෙන්නේ.අඩුම තරමින් එය එක් වසරක් සිට අනිත් වසර සිසුන්ටවත් නොදැනීවමට වග බලා ගත්බවකි. එසේ නොවුනේ නම් භාවිතා වන ආරූඪ නාමය එකක් වීමට ඉඩ තිබිනි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment