බිරිඳ, භාර්යාව, wife ඔය කොයි එකෙන් කිව්වත් කියන්නේ එක කෙනාටමයි. බිරිඳ වනාහී තම දුක සතුට බෙදා ගැනීම සඳහා පිරිමියා ලඟ සිටිනා සෙවනැල්ලකැයි සිතීම විටෙක මා ප්‍රතික්ෂේප කරමි. මා එසේ පවසනුයේ හුදෙක් සෙවනැල්ලක් නොවිය හැකි නිසා නොව, සෙවනැල්ලක් නොවී විටෙක ප්‍රතිවාදියකු වන බැවිනි. ජිවිත්ය බෙදා ගැනුමට වඩා ජීවිතය බදා ගැනුමට පොර බඳින අයෙකු හා ජිවිතය බෙදා ගැන්ම උගහටය.
බිරිඳක සංසුන් ජිවිතයක්, ක්‍රියාවක් අනුගමනය කිරීමක්ම සිදු විය යුතු යැයි මා විශ්වාස නොකරන මුත් සංසුන් මනසක් තිබිය යුතු යැයි දැඩිව විශ්වාස කරමි. මෙය හුදෙක් ගැහැනියට පමණක් නොව පිරිමියා යන ඒකකයේද අංගයක් විය යුතුය.
අන් අයගේ සිතුවිලි වලට බලපෑම් නොකිරීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තක් යැයිද එසේම අන් අයගේ අදහසට ගරු කිරීමද ඒහා සම මට්ටමින් තිබිය යුතු යැයිද මාගේ විශ්වාසයයි.
එසේ නොවීම වදක භාරී යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීමට එක් සුදුසුකමක් වනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment