ඇතමෙක් තම අදහස ලෝකයා හට විවර කරනා විට තවෙකෙක් තම අදහස විවර නොකරනුයේ එම අදහසට ලැබෙන්නාවු ප්‍රතිචාරයන් පිළිබඳ වු දෙගිඩියාව නිසාමය.
මේ ලොව පවත්නා කිසිවකු ශාරීරික වශයෙන් සම නොවනා සේම අදහස් මතිමතාන්තර අනුවද වෙනස් වේ. තම අදහස් එකම යැයි පවසන පෙම්වතුන් පවා මෙම යතාර්ථය පිලිගැනීමට මැලිකමක් දක්වනුයේ මන්දැයි මා හට සිතා ගැනීමට පවා අපහසුය. විටෙක තම අදහස් අසමාන යැයි පවසනා ඔවුන් වෙන් වන්නට තීරනය කරනුයේ සදාතනික සත්‍යක් වූ "අසමාන වූ අදහස්"යන ශීර්ෂය සමඟින්ය.
මාහට අත්දැකීමෙන් තේරුම් ගත්හා සේ තම සිත්ගත් පෙම්වතා/පෙම්වතී ඉදිරියේ තම අදහස් යටපත් කොට තබා ගැනීමට මොවුන් පෙලබෙනුයේ තම විශ්වාසය වූ සම අදහස් දරන්නේය යන පුහු මානසිකත්ව බිදෙනා බැවිනි. විටෙක මෙහි වරදක් නොදැකීමට මාද පෙලඹූයේ තම ආදරය අහිමිවේ යැයි වූ බිය නිසාවෙනි. විටෙක මෙය අනාගතයට බලපානා බැව් එසේ සිතී මට පෙලඹුනු මා සේම අන් අයද දන්නාවූ කරුනක් විය හැක.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment