තමන්ගෙ කාර්‍යාලයේ ඉන්න කාන්තා පාර්ෂවයත් එක්ක කුළුපගවෙන්න ගොඩක් අය උත්සහ කරනව මම දැකලා තියනවා. බොස්ලගෙ උත්සහය නම් කුළුපග වෙනවට වඩා ගොඩක් දුර ඉලක්කයකට යන්න. මම කියන්නට යන්නේ ඔවුන් ගැනය.
මම ඉන්න කන්තෝරුවෙත් තියෙන්නේ ඔය වගේම තත්වයක්. සමහර ගෑනු පරාන මේ office එකේ බොස්ලගෙ වාසනාවටම ආව අය කියලයි හිතෙන්නේ.ඒ තරමට තමන්ගෙ බොස්ට කුළුපගයි. කන්තෝරුවෙ වැඩට වගේම වෙන දෙයකටත් නෑ බෑ නොකියන ඉතාමත් ඉහලින් සේවයට කැපවුනු අය.
හිරිකිතයක් නැතිව තම බොස් සමඟ ගමනක් ගියා යැයි පැවසීම ඔවුනට කෙසේ වුවත් අසා සිටින අනෙකුන්ට හිරිකිතයක් ගෙන දෙයි. ඇතමුන් එය හොර රහසේ සිදුකරගෙන යනු ලැබුවද අනෙකුන්ට එය රහසක් බව සිතා සිටුනුයේ ඔවුන්ම පමණකි. එය ඔවුනගේ අසාර්ථක බවද නැතහොත් කාර්‍යාලයේ සිටින වාර්ථාකරුවන්ගේ දස්කමදැයි මා නොදනිමි.
මා දන්නා තවත් කාර්‍යාලයක සිදුවූයේ මෙයට නොදෙවනි සිදිවීමකි. එනම් වසර 23-24 වියෙහි පසුවන සේවිකාවක් තම කාර්‍යාලයේ ස්වාමියා හා විසීමය. හොඳම කරුන වනුයේ ඔහුගේ දරුවන් එමසේවිකාවට වඩා වයසින් වැඩි වීමය. විටෙක මෙය ගුජුප්සා ජනකය, වරප්‍රසාද ලබාගන්නා අටියෙන් සිදු කරන මෙවන් දේ වැලැක්වීමට අපට කෙලෙස දායක විය හැකිද? එය ඇතැම්විට අපගේ රැකියා සුරක්ෂිත බාවයට සෘජුව බල නොපානු ඇද්ද??
Friday, January 14, 2011
Thursday, January 13, 2011
නැවත නැවතත්....
නැවතත් මගේ මතය ඔබ හමුවේ ඉදිරිපත් කිරිමට මා අදහස් කරමි.. කාර්යබහුලත්වය මෙන්ම මා මුහුණ දුන් ගැටලු මා මින් ඈත් කර තැබීමට තරම් පොහොසත් වීම මා හට ඇති කරන ලද්දේ දුකකි. හිතෙහි තෙරෙපෙන අදහස් හුදෙක් සුසුමකට සීමා නොකොට අන්තර්ජාල අවකාශයට මුසුකිරීම මාගේ අරමුණ වී ඇත.. එහි ගුණ දොස් දක්නා ඔබට තුති!!
Thursday, June 3, 2010
ඇත්තටම මම වැරදිද?
මා අදහන්නාවූ ධර්මතාවයන් අනුව දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර බැඳීම් පවතිනුයේ ඔවුන් අනෙකා මත පවත්වාගෙන යන්නාවු වාචිකව සහ චර්යාත්මක ක්‍රියාදාමයන් මතය.
එක් අයකු අනෙකා හට කරන්නාවූ බලපෑම් විටක ඔහුගේ හෝ ඇයගේ වචනයෙන් අඳුනාගත හැකි සේම විටක එය චර්යාවට පමණක් සීමා වේ. බලපෑමේ ස්වභාවය මත බැඳීම මිතුරු හෝ සතුරු බැඳීමක් විය හැක. එසේම බලපෑමට ලක්වන්නා එම බලපෑම විග්‍රහ කරගන්නා ආකරය මතද සම්බන්ධතාව තීරණය වේ.
වැරදි නිගමනයන්ට එළඹීම මෙන්ම වැරදි අර්ථකතනයන්ට ලක්වීම මෙම විග්‍රහකරගැනීමේදී වැදගත් සාධකයන් වේ.

බැඳීම් සම්බන්දයෙන් මා දරන්නාවු මතයන්ගෙන් සුළු ප්‍රමානයක් වුවද මෙහි ඔබ වරදක් දකින්නේද?
ලෝක ආරම්බය,ලෝක විනාශය ගැන බුදු දහමෙන් (From Elakiri.com)
අපවත්වි වදාල අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ සමඟ කරන ලද ධර්ම සාකච්චාව.
අන්තර්ජාලය තුල උන්වහන්සේගේ දැකිය හැකි එකම වීඩියෝ පටයද මෙය පමණි.මෙය ඉතා විශේෂ ධර්ම සාකච්චාවකි.ටිකක් වෙලා අහන් සිටීමෙදීමුලු සාකච්චාවම අහන්සිටීමට ඔබට සිතෙනු නොවනු මානය.උන්වහන්සේ භාවනා මාර්ගපල ලබාගෙන් ඇතැයි සිතීමට තරම් කදිම සාක්ෂි මෙම සාකච්ඡාව ශ්‍රවන කිරීමෙන් ඔබට තේරෙනු නොවනුමානය.
ලෝක විනාශය , ලෝක ආරම්බය ,ඊළඟට පහලවන බුදුවරුන් පිළිබඳව උන්වහන්සේ මැනවින් විගෘහ කරන අයුරු ඔබත් ශ්‍රවනය කරන්න.
අන්‍යාගමික භක්තිකයින් විසින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සම්බන්දයෙන් නගන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙහි ගැබ්ව ඇත.
ඔබ සියලු දෙනාටම සම්මා ස්ම්බුදු සරණයි.
video link -
Video 1
Video 2
අන්තර්ජාලය තුල උන්වහන්සේගේ දැකිය හැකි එකම වීඩියෝ පටයද මෙය පමණි.මෙය ඉතා විශේෂ ධර්ම සාකච්චාවකි.ටිකක් වෙලා අහන් සිටීමෙදීමුලු සාකච්චාවම අහන්සිටීමට ඔබට සිතෙනු නොවනු මානය.උන්වහන්සේ භාවනා මාර්ගපල ලබාගෙන් ඇතැයි සිතීමට තරම් කදිම සාක්ෂි මෙම සාකච්ඡාව ශ්‍රවන කිරීමෙන් ඔබට තේරෙනු නොවනුමානය.

අන්‍යාගමික භක්තිකයින් විසින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සම්බන්දයෙන් නගන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙහි ගැබ්ව ඇත.
ඔබ සියලු දෙනාටම සම්මා ස්ම්බුදු සරණයි.
video link -
Video 1
Video 2
Wrote By : pawusi (senior member) |
Thursday, May 6, 2010
මුහුවීම
අද සමාජයේ සිටිනා විට මා දකිනා අයුරින් අතයවශ්‍යම අංගයකි මුහුවීම. මුහුවීම ලෙස මා දකිනුයේ ඕනෑම සමාජ මට්ටමක ඕනෑම තරාතිරමක පුද්ගලයකු හා එකට සිටීමේ හැකියාවය.
ඕනෑම අයකුගේ තරම දැන ඇසුරු කිරීම හරහා ඔවුන් හා අමනාපයන් ඇති නොකරගෙන ජීවත් වියහැකි වන අතරම අමනාප වීමෙන් අනාගතයේ ඇතිවිය හැකි බලපෑම් අවම කරගත හැකි වේ.
තවද අවශ්‍ය විටක තම හැකි පමනින් උදව් කිරීමත් තමා තුල අන් අය තුල නැති යහපත් සහ ප්‍රයෝජනවත් ගුණාංග ඇතිකරගැනීමත් මත ඕනෑම අයකුට තමා අත්‍යවශය පුද්ගලයකු බවට පත්වේ.ඒ තුලින් තමා හට අන් අයට ලඟා වියහැකි මට්ටමකට පත්විය හැකි අතර ඒ සමඟින් ඔවුන්ගේ චරිතාංගයන් ගැන පැහැදිලි අවබෝධයක් ගත හැක.
තමාට නොගැලපේ යැයි සිතනා අය ඉවත් කිරීමට වඩා ඔවුන් හැඳිනගෙන ඇසුරු කිරීම වඩා ඵලදායී වේ. (එය හුදෙක් පලිගැනීමේ චේතනාවෙන් නොකල යුතුබැව් මා අවධාරනයෙන් පවසමි.)

Sunday, May 2, 2010
පෞද්ගලික විශ්වවිද්‍යාල
2010/05/02 පුවත් පතක සඳහන් ආකාරයකට ශ්‍රී ලංකා මහ බැංකුව පුද්ගලික සරසවි ඇරබීමට දිරිදීමට සූදානම් වේ. මෙය මා පාසල් අධයාපනය ලබනා කාලයේ සිට අද දක්වා සිදුවිය යුත්තක් යැයි බලාපොරොත්තු වූ ක්‍රියාවලියකි.
ඇත්ත වශයෙන්ම රජයේ විශ්වවිද්‍යාලයන් හී අධයාපනය ලබාගන්නා සිසුන් කෙසේවත් අනුමත නොකරන්නකි. මා ද රජයේ විශ්වවිද්‍යාලයක අධයාපනය ලබන මුත් මාගේ මතය එයට හාත්පසින් වෙනකක් වේ. එනම් රට තුල පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරබීමට අවස්ථාව තිබිය යුතු අතර ඒ සඳහා 100% දේශීය ආයතන සඳහා පමණක් අවස්ථාව ලබා දිය යුතුය.
මාගේ මෙම මතයට බලපාන සාධක කිහිපයකි.
එනම්, රජය තම ඒකාධිකාරය මෙම ක්ෂේත්‍රයේ පවත්වාගෙන සිටින තාක් එහි වර්ධනය රජයේ ආර්ථික හා ආකල්පමය සීමාවන් වලට යටත්ව සිදුවනවා මිස අද සමාජයේ අවශ්‍යතාව මත සිදු නොවේ. එය සත්‍යකි. මේ පිළිබද කරුණු දන්නා සැමට මෙය මනාව වැටහෙන බැව් මා හොදාකාරව දනිමි. මා මෙහි රාජ්ය්‍ය ප්‍රතිපත්තීන් හි වරදක් නොදකිමි. ඕනෑම රජයකට කලහැකි සීමා පවතී. වරද පවතිනුයේ සහනාධාර වරප්‍රසාද මත ජීවිතය පවත්වා ගැනීමට පෙළ ගැසෙන ජනයා වේ. සීමාන්තික වර්ධනයක් සමඟින් යාවත්කාලීන නොවූ වැඩිදුර අධයාපනයක් ලබා මතු දිනක අගතියකට ලක්වන්නේ තමන්ම යැයි පවසන මොවුන් එදින තමන් හට ලබා දුන් නිදහස් අධ්‍යාපනයේ අඬුලුහුඩුකම් දකියි.

අනෙක් සාධකය වන්නේ විශ්වවිද්‍යාලයන් හී අධයාපනය ලබන 12,000කට ආසන්න සිසු පිරිසට අමතරව විශ්වවිද්‍යාලය වරම් නොලබන අනෙක් පිරිස වැඩිදුර අධයාපනයක් ලබනුයේ කෙසේද යන්නය. ඔවුනට මෙරට අධ්‍යාපන ලැබීමට වරම් අහිමි කරවීමට තරම් මිනිසුන් කුහක වීම මා අනුමත නොකරමි. අධ්‍යාපන ලැබීම මිනිසාගේ මූලික අයිතියකි. මෙරට අධ්‍යාපන වරම් නොලබන ඔවුන් විදේශ ගතවීම හරහා රටේ සංවර්ධනයට යෙදවිය හැකි මහත් ධනයක් විදේශයන්ට ඇදීයන බව පුද්ගලික සරසවි ආරම්භකිරීමට විරුද්ධ වන්නන් නොදැකීම අභාග්‍යකි. ඇතැම්විට එම තත්වය හෝ අවබෝධකර නොගන්නා ඔවුන් එසේ විදේශ අධ්‍යාපනය ලැබීම පවා පහත්කොට සලකයි.
මේ වනවිට ආසියාතික රටවල් වන ඉන්දියාව සහ බංගලාදේශය තම ප්‍රධාන විදේශ විනිමය ලබාගන්නා ක්‍රමෝපායක් ලෙස විශ්වවිද්‍යාලය අධයාපනය ලබාදීම දියුණු කොට ඇත්තේ පෞද්ගලික අංශයේද සහයෝගය ඇතුවය. ශ්‍රී ලංකාව එම තත්වයට නොයාම ඉදිරි අනාගතයේ අවාසිදායක තත්වයන් ඇතිකල හැක.
දැනුමින් සන්නද්ධ පුරවැසියන් රටට සම්පතකි. ඔවුන් දිනක රටේ සංවර්ධනයට සෘජුව නොවූවද වක්‍රව හෝ දායන වන්නේය. එසේ හෙයින් තව දුරටත් පුද්ගලික සරසවි ආරම්භකිරීම ප්‍රමාද කල යුතුද?

Saturday, May 1, 2010
මුලක් අගක් නැති නළුකමක්..
"ජීවිතය නම් වූ වේදිකාවේ අපි නළුවෝ වෙමු"
මීට ටික කලකට පෙර මාගේ කන වැකුනු මෙය තේරුම් ගැනීමට මා හට කාලයක් ගත විය. ඇත්තෙන්ම එය නිවරදිය. අප සියල්ලන්ම තම තමන් හට වෙන් වූ චරිතයක් නිරූපනය කරනුයේ තමන් එවැන්නක් සිදු කරනවා යැයි වත් නොදැන යැයි කීම අරුමයක් නොවේ. මිනිසා තම උපතේදීම වෙනකෙකු තමන් හට ලබා දෙන්නාවු නාමයකින් තමාව හඳුන්වාගනුයේ අධ්‍යක්ෂක ලබා දෙන්නාවු චරිතය නිරූපනය කරන්නාවූ නළුවකු සිහිපත් කරමිනි. තවද අධ්‍යක්ෂක කාර්යභාරය සිහිපත් කරන්මින් මාපිය වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද අනුව තම චර්යා හැඩගස්වා ගන්නා මිනිසා නළුවකුගේ හැසිරීමෙන් අපගමනය වේ යැයි කිව හැක්කේ කවරකුටද?
තරුණ කල පෙම්වතාගේ චරිතය රඟන මිනිසා ඒ සමඟින්ම කාර්යාලයේ සේවකයා යන ද්විත්ව චරිතයන්ම රඟපානුයේ නොබෝ දිනකින් සැමියා මෙන්ම පියා යන චරිතයන් සඳහාද අනුගත වීමේ අභිලාශයෙන් නොවේ යැයි කාට කිව හැකිද.
ඉන් නොනැවතී තවකකු අනුකරනය කරමින් තම ජීවන මාවත ගොඩනැගීමට අප උත්සහගනුයේ සම්මාන ගරු බුහුමන් වෙත ඇදීයන චරිතාංග නළුවන් නැවත නැවතත් සිහිගන්වමිනි. එවන් තත්වයක අප ජිවිතය නම් වේදිකාවේ නළුවන් නොවෙමුද?

Subscribe to:
Posts (Atom)