මීට ටික කලකට පෙර මාගේ කන වැකුනු මෙය තේරුම් ගැනීමට මා හට කාලයක් ගත විය. ඇත්තෙන්ම එය නිවරදිය. අප සියල්ලන්ම තම තමන් හට වෙන් වූ චරිතයක් නිරූපනය කරනුයේ තමන් එවැන්නක් සිදු කරනවා යැයි වත් නොදැන යැයි කීම අරුමයක් නොවේ. මිනිසා තම උපතේදීම වෙනකෙකු තමන් හට ලබා දෙන්නාවු නාමයකින් තමාව හඳුන්වාගනුයේ අධ්‍යක්ෂක ලබා දෙන්නාවු චරිතය නිරූපනය කරන්නාවූ නළුවකු සිහිපත් කරමිනි. තවද අධ්‍යක්ෂක කාර්යභාරය සිහිපත් කරන්මින් මාපිය වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද අනුව තම චර්යා හැඩගස්වා ගන්නා මිනිසා නළුවකුගේ හැසිරීමෙන් අපගමනය වේ යැයි කිව හැක්කේ කවරකුටද?
තරුණ කල පෙම්වතාගේ චරිතය රඟන මිනිසා ඒ සමඟින්ම කාර්යාලයේ සේවකයා යන ද්විත්ව චරිතයන්ම රඟපානුයේ නොබෝ දිනකින් සැමියා මෙන්ම පියා යන චරිතයන් සඳහාද අනුගත වීමේ අභිලාශයෙන් නොවේ යැයි කාට කිව හැකිද.
ඉන් නොනැවතී තවකකු අනුකරනය කරමින් තම ජීවන මාවත ගොඩනැගීමට අප උත්සහගනුයේ සම්මාන ගරු බුහුමන් වෙත ඇදීයන චරිතාංග නළුවන් නැවත නැවතත් සිහිගන්වමිනි. එවන් තත්වයක අප ජිවිතය නම් වේදිකාවේ නළුවන් නොවෙමුද?
1 comment:
sdfpg;ldfjg;ljdf
Post a Comment