skip to main | skip to sidebar

මගෙන් මතයක්

Thursday, June 3, 2010

ඇත්තටම මම වැරදිද?

මා අදහන්නාවූ ධර්මතාවයන් අනුව දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර බැඳීම් පවතිනුයේ ඔවුන් අනෙකා මත පවත්වාගෙන යන්නාවු වාචිකව සහ චර්යාත්මක ක්‍රියාදාමයන් මතය.
එක් අයකු අනෙකා හට කරන්නාවූ බලපෑම් විටක ඔහුගේ හෝ ඇයගේ වචනයෙන් අඳුනාගත හැකි සේම විටක එය චර්යාවට පමණක් සීමා වේ. බලපෑමේ ස්වභාවය මත බැඳීම මිතුරු හෝ සතුරු බැඳීමක් විය හැක. එසේම බලපෑමට ලක්වන්නා එම බලපෑම විග්‍රහ කරගන්නා ආකරය මතද සම්බන්ධතාව තීරණය වේ.
වැරදි නිගමනයන්ට එළඹීම මෙන්ම වැරදි අර්ථකතනයන්ට ලක්වීම මෙම විග්‍රහකරගැනීමේදී වැදගත් සාධකයන් වේ.
තවද එක් අයකු මත කල නොකල යුතු යැයි සම්මත කරගන්නා දේ තමාද අනුගමනය කලයුතු යැයි මාගේ මතයයි. එය එසේ නොවීම බල සමතුලිතයට විශාල හානියක් වන්නේය. ආකල්පමය වෙනසද බැඳීම් විශයෙහි වැදගත් කාර්යයක් සිදුකරයි. දීර්ඝ කාලීනව ආකල්පයන් වෙනස් වීමකට බදුන්විය හැකි මුත් ඒතාක් බැඳීම්  පවත්වාගැනීම ගැටලුවලට තුඩුදෙන්නකි. සමාජ පරිසරය මෙන්ම ජීවිතයේ ලබන අත්දැකීම් මෙම තත්වයන්ට සෘජුව හෝ වක්‍රව බලපෑම් ඇති කරයි.
බැඳීම් සම්බන්දයෙන් මා දරන්නාවු මතයන්ගෙන් සුළු ප්‍රමානයක් වුවද මෙහි ඔබ වරදක් දකින්නේද?
Posted by ඉන්ද්‍රකීල at 9:47 PM 1 comments

ලෝක ආරම්බය,ලෝක විනාශය ගැන බුදු දහමෙන් (From Elakiri.com)

අපවත්වි වදාල අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ සමඟ කරන ලද ධර්ම සාකච්චාව.
අන්තර්ජාලය තුල උන්වහන්සේගේ දැකිය හැකි එකම වීඩියෝ පටයද මෙය පමණි.මෙය ඉතා විශේෂ ධර්ම සාකච්චාවකි.ටිකක් වෙලා අහන් සිටීමෙදීමුලු සාකච්චාවම අහන්සිටීමට ඔබට සිතෙනු නොවනු මානය.උන්වහන්සේ භාවනා මාර්ගපල ලබාගෙන් ඇතැයි සිතීමට තරම් කදිම සාක්ෂි මෙම සාකච්ඡාව ශ්‍රවන කිරීමෙන් ඔබට තේරෙනු නොවනුමානය.
ලෝක විනාශය , ලෝක ආරම්බය ,ඊළඟට පහලවන බුදුවරුන් පිළිබඳව උන්වහන්සේ මැනවින් විගෘහ කරන අයුරු ඔබත් ශ්‍රවනය කරන්න.
අන්‍යාගමික භක්තිකයින් විසින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සම්බන්දයෙන් නගන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙහි ගැබ්ව ඇත.
ඔබ සියලු දෙනාටම සම්මා ස්ම්බුදු සරණයි.


video link -
Video 1
Video 2


Wrote By : pawusi (senior member)
Posted by ඉන්ද්‍රකීල at 2:40 AM 2 comments

Thursday, May 6, 2010

මුහුවීම

අද සමාජයේ සිටිනා විට මා දකිනා අයුරින් අතයවශ්‍යම අංගයකි මුහුවීම. මුහුවීම ලෙස මා දකිනුයේ ඕනෑම සමාජ මට්ටමක ඕනෑම තරාතිරමක පුද්ගලයකු හා එකට සිටීමේ හැකියාවය.
ඕනෑම අයකුගේ තරම දැන ඇසුරු කිරීම හරහා ඔවුන් හා අමනාපයන් ඇති නොකරගෙන ජීවත් වියහැකි වන අතරම අමනාප වීමෙන් අනාගතයේ ඇතිවිය හැකි බලපෑම් අවම කරගත හැකි වේ.
තවද අවශ්‍ය විටක තම හැකි පමනින් උදව් කිරීමත් තමා තුල අන් අය තුල නැති යහපත් සහ ප්‍රයෝජනවත් ගුණාංග ඇතිකරගැනීමත් මත ඕනෑම අයකුට තමා අත්‍යවශය පුද්ගලයකු බවට පත්වේ.ඒ තුලින් තමා හට අන් අයට ලඟා වියහැකි මට්ටමකට පත්විය හැකි අතර ඒ සමඟින් ඔවුන්ගේ චරිතාංගයන් ගැන පැහැදිලි අවබෝධයක් ගත හැක.
තමාට නොගැලපේ යැයි සිතනා අය ඉවත් කිරීමට වඩා ඔවුන් හැඳිනගෙන ඇසුරු කිරීම වඩා ඵලදායී වේ. (එය හුදෙක් පලිගැනීමේ චේතනාවෙන් නොකල යුතුබැව් මා අවධාරනයෙන් පවසමි.)
Posted by ඉන්ද්‍රකීල at 8:31 AM 0 comments

Sunday, May 2, 2010

පෞද්ගලික විශ්වවිද්‍යාල

2010/05/02 පුවත් පතක සඳහන් ආකාරයකට ශ්‍රී ලංකා මහ බැංකුව පුද්ගලික සරසවි ඇරබීමට දිරිදීමට සූදානම් වේ. මෙය මා පාසල් අධයාපනය ලබනා කාලයේ සිට අද දක්වා සිදුවිය යුත්තක් යැයි බලාපොරොත්තු වූ ක්‍රියාවලියකි.
ඇත්ත වශයෙන්ම රජයේ විශ්වවිද්‍යාලයන් හී අධයාපනය ලබාගන්නා සිසුන් කෙසේවත් අනුමත නොකරන්නකි. මා ද රජයේ විශ්වවිද්‍යාලයක අධයාපනය ලබන මුත් මාගේ මතය එයට හාත්පසින් වෙනකක් වේ. එනම් රට තුල පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරබීමට අවස්ථාව තිබිය යුතු අතර ඒ සඳහා 100% දේශීය ආයතන සඳහා පමණක් අවස්ථාව ලබා දිය යුතුය.
මාගේ මෙම මතයට බලපාන සාධක කිහිපයකි.
එනම්, රජය තම ඒකාධිකාරය මෙම ක්ෂේත්‍රයේ පවත්වාගෙන සිටින තාක් එහි වර්ධනය රජයේ ආර්ථික හා ආකල්පමය සීමාවන් වලට යටත්ව සිදුවනවා මිස අද සමාජයේ අවශ්‍යතාව මත සිදු නොවේ. එය සත්‍යකි. මේ පිළිබද කරුණු දන්නා සැමට මෙය මනාව වැටහෙන බැව් මා හොදාකාරව දනිමි. මා මෙහි රාජ්ය්‍ය ප්‍රතිපත්තීන් හි වරදක් නොදකිමි. ඕනෑම රජයකට කලහැකි සීමා පවතී. වරද පවතිනුයේ සහනාධාර වරප්‍රසාද මත ජීවිතය පවත්වා ගැනීමට පෙළ ගැසෙන ජනයා වේ. සීමාන්තික වර්ධනයක් සමඟින් යාවත්කාලීන නොවූ වැඩිදුර අධයාපනයක් ලබා මතු දිනක අගතියකට ලක්වන්නේ තමන්ම යැයි පවසන මොවුන් එදින තමන් හට ලබා දුන් නිදහස් අධ්‍යාපනයේ අඬුලුහුඩුකම් දකියි.

අනෙක් සාධකය වන්නේ විශ්වවිද්‍යාලයන් හී අධයාපනය ලබන 12,000කට ආසන්න සිසු පිරිසට අමතරව විශ්වවිද්‍යාලය වරම් නොලබන අනෙක් පිරිස වැඩිදුර අධයාපනයක් ලබනුයේ කෙසේද යන්නය. ඔවුනට මෙරට අධ්‍යාපන ලැබීමට වරම් අහිමි කරවීමට තරම් මිනිසුන් කුහක වීම මා අනුමත නොකරමි. අධ්‍යාපන ලැබීම මිනිසාගේ මූලික අයිතියකි. මෙරට අධ්‍යාපන වරම් නොලබන ඔවුන් විදේශ ගතවීම හරහා රටේ සංවර්ධනයට යෙදවිය හැකි මහත් ධනයක් විදේශයන්ට ඇදීයන බව පුද්ගලික සරසවි ආරම්භකිරීමට විරුද්ධ වන්නන් නොදැකීම අභාග්‍යකි. ඇතැම්විට එම තත්වය හෝ අවබෝධකර නොගන්නා ඔවුන් එසේ විදේශ අධ්‍යාපනය ලැබීම පවා පහත්කොට සලකයි.
මේ වනවිට ආසියාතික රටවල් වන ඉන්දියාව සහ බංගලාදේශය තම ප්‍රධාන විදේශ විනිමය ලබාගන්නා ක්‍රමෝපායක් ලෙස විශ්වවිද්‍යාලය අධයාපනය ලබාදීම දියුණු කොට ඇත්තේ පෞද්ගලික අංශයේද සහයෝගය ඇතුවය. ශ්‍රී ලංකාව එම තත්වයට නොයාම ඉදිරි අනාගතයේ අවාසිදායක තත්වයන් ඇතිකල හැක.
දැනුමින් සන්නද්ධ පුරවැසියන් රටට සම්පතකි. ඔවුන් දිනක රටේ සංවර්ධනයට සෘජුව නොවූවද වක්‍රව හෝ දායන වන්නේය. එසේ හෙයින් තව දුරටත් පුද්ගලික සරසවි ආරම්භකිරීම ප්‍රමාද කල යුතුද?
Posted by ඉන්ද්‍රකීල at 6:01 PM 0 comments

Saturday, May 1, 2010

මුලක් අගක් නැති නළුකමක්..

"ජීවිතය නම් වූ වේදිකාවේ අපි නළුවෝ වෙමු"
මීට ටික කලකට පෙර මාගේ කන වැකුනු මෙය තේරුම් ගැනීමට මා හට කාලයක් ගත විය. ඇත්තෙන්ම එය නිවරදිය. අප සියල්ලන්ම තම තමන් හට වෙන් වූ චරිතයක් නිරූපනය කරනුයේ තමන් එවැන්නක් සිදු කරනවා යැයි වත් නොදැන යැයි කීම අරුමයක් නොවේ. මිනිසා තම උපතේදීම වෙනකෙකු තමන් හට ලබා දෙන්නාවු නාමයකින් තමාව හඳුන්වාගනුයේ අධ්‍යක්ෂක ලබා දෙන්නාවු චරිතය නිරූපනය කරන්නාවූ නළුවකු සිහිපත් කරමිනි. තවද අධ්‍යක්ෂක කාර්යභාරය සිහිපත් කරන්මින් මාපිය වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද අනුව තම චර්යා හැඩගස්වා ගන්නා මිනිසා නළුවකුගේ හැසිරීමෙන් අපගමනය වේ යැයි කිව හැක්කේ කවරකුටද?
තරුණ කල පෙම්වතාගේ චරිතය රඟන මිනිසා ඒ සමඟින්ම කාර්යාලයේ සේවකයා යන ද්විත්ව චරිතයන්ම රඟපානුයේ නොබෝ දිනකින් සැමියා මෙන්ම පියා යන චරිතයන් සඳහාද අනුගත වීමේ අභිලාශයෙන් නොවේ යැයි කාට කිව හැකිද.
ඉන් නොනැවතී තවකකු අනුකරනය කරමින් තම ජීවන මාවත ගොඩනැගීමට අප උත්සහගනුයේ සම්මාන ගරු බුහුමන් වෙත ඇදීයන චරිතාංග නළුවන් නැවත නැවතත් සිහිගන්වමිනි. එවන් තත්වයක අප ජිවිතය නම් වේදිකාවේ නළුවන් නොවෙමුද?

Posted by ඉන්ද්‍රකීල at 10:30 AM 1 comments

Thursday, April 29, 2010

කුඩා පරිමාණ ව්‍යාපාර..

ඇත්ත වශයෙන් මාගේ මතය අපේ රටට ගැලපෙනුයේ කුඩා පරිමාණ ව්‍යාපාර බවයි. ඇතැම් විට බොහෝ දෙනෙකු එය එසේමැයි පවසනු ඇත. ඒ ඔවුන් දන්නා තරම යැයි මාගේ මුවින් පිටවනු ඇතැයි මට දැනුදු කිසිදු සැකයකින් තොරව පැවසිය හැක. මන්ද යත් රටක සංවර්ධනය කිරීම සඳහා විවිද ක්‍රියාමාර්ගයන් පවතින අතර මෙරට හා සමාන ආර්ථික අවපාතයන් ඇති රටක් සංවර්ධනයට කුඩා පරිමාණ කර්මාන්ත මෙන්ම මහා පරිමාණ කර්මාන්තද යොදාගත හැක.
ඕනෑම රටක පාලනයට එහි පාලකයන් ලෝකයේ සම්මත යැයි පිළිගත් න්‍යායන් භාවිතා කරනා බව ඕනෑම දේශපාලන විග්‍රහකයකුට වැටහේ. එය සාමාන්‍ය ජනයා හට ස්පර්ශ නොවනා මට්ටමකින් පවත්වා ගැනීමට සෑම රජයක්ම උත්සහ දරති. එය එසේ වන්නේ ඔවුනට වටහා දීමට අපහසු නිසා මෙන්ම එම යොදා ගැනීම් අසාර්ථක වූ විට ඔවුන් මත පැටවෙන වරද අවම කරගැනීමටත්ය.

මෙරට බොහෝ අයට නොතේරුනද මහා පරිමාණ ව්‍යාපාර නොවුවද මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කර ඇත්තේද රටේ සංවර්ධනය ඉලක්ක කරගෙනය. එය ඉතා පැරණි න්‍යායක්ද වේ. නමුදු අදටද මනාව ගැලපෙන්නාවු අදටත් ඇතැම් රටවල් භාවිතයට ගන්නා න්‍යායකි. අද රජය කුඩා පරිමාණ ව්‍යාපාර, ව්‍යාපෘති ආරම්භ කිරීම නවතා ඇත.
එමගින් මාගේ මතය අනුව ඔවුන් ඉලක්ක දෙකක් සපුරා ගනී. ඉන් එකක් නම්, මහා පරිමාණ ව්‍යාපෘති පෙන්වා රටේ ජනතාවගේ ජීවනබර පිළිබද පැනනගින විරෝධතා මගහැරවීමය. එවන් ව්‍යාපෘති දකිනා ජනතාව අපට නැතිමුත් රටට හෝ යම් දෙයක් වේ යැයි තම විරෝධතාවයන් යටපත් කරයි. අප රටේ ජනයා සහනාධාර මත යැපීමට උත්සහ දැරීම නිසා රජයට එවන් ප්‍රතිලාභයක් නොලැබෙන දෙයක් වෙනුවෙන් මුදල් යෙදවීමේ නොහැකියාවක්ද පවතින බැව් සත්‍යකි.
අනෙක් ඉලක්කය වනුයේ මෙම දීර්ඝ කාලීන ව්‍යාපෘති අවසන් වනතුරු රටේ සංවර්ධනය බලාපොරොත්තු වන ජනයා රජය හා බැදී පැවතීමය. රජයේ යහපැවැත්මට මෙන්ම, එහි ස්ථාවරභාවයටද මෙම තත්වය මනා රුකුලකි.

අරමුණු ඉලක්කයන් කෙසේ වුවද මෙම ව්‍යාපෘති හරහා ජනතාවට සෘජු ප්‍රතිලාභයක් ලැබීමට මහත් කාලයක් වැයවේ. තවද මෙම ව්‍යාපෘති හරහා අප රටට තාක්ෂණයන් දැනුමද සෘජුව නොලැබෙන අතර ලැබෙන නමුත් කුඩා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමක් සිදුවන්නේනම් එහිදී කිහිපයකට සීමා නොවී සංඛ්‍යාත්මකව ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ආරම්භ කිරීමට සිදුවේ. එමගින් වැඩි පරාසයක් ආවරණය වන පරිදි රටේ ව්‍යාපාර දියුණු වන අතරම ජනතාව තම සාම්ප්‍රදායි දැනුම ඒ තුලට ආරෝපණය කර අප රටට ගැලපෙන ආකාරයට ව්‍යාපාර දියුණුකිරීම සිදුවේ. මේ හරහා සෘජු සහ ඉක්මන් ප්‍රතිලාභ ජනතාවල ලැබීම නිතැතින්ම සිදුවේ.
Posted by ඉන්ද්‍රකීල at 6:58 PM 0 comments

Wednesday, April 28, 2010

කැම්පස් Final Project.. ( I )

ජිවිතේ දහසක් බලාපොරොත්තු පොදි බැඳන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට පා නඟනා සිසුන් වසර 3ක් හෝ 4ක් අවසන ඉන් පිටවේ.
එයට මත්තෙන් ඔවුන් වෙත පැවරෙන මහත්වු අභියෝගයක් වනුයේ අවසාන වසර ව්‍යාපෘතියයි. අයෙකුට එය පරිඝනක ආශ්‍රිත ව්‍යාපෘතියක් වන අතර අයෙකුට එය ලිඛිත ව්‍යාපෘතියක්  වේ.තවත් අයෙකුට එය ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් වේ. වසර 3ක අවසන තම අත්දැකීම්, ලත් පරිචයන් මගින් ඉදිරිපත් කරන්ට ලැබෙන්නාවු මෙය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ මාහැඟි අවස්ථාවකි.

නමුත් එහි පවතින්නාවු අඳුරු පසුබිම දකිනුයේ එම ප්‍රවාහයට එක් වූ ආචාර්ය වරුනුත් සිසු පරපුරත් පමණි. මන්ද යත් ජලයේ ගැඹුර දැන ගනුයේ එහි බැස සිටිනා අය පමණක් වන බැවිණි.
අධ්‍යාපනය පිලිබඳ උපරිම දැනුමක් ඇති මුත්  විශයන් පිළිබඳ සහ විශය අන්තර්ගතය පිළිබඳ අවම දැනුමක් ඇති පිරිසක විසින් තීරණ ගන්නා බවක් නොහැගෙන්නේද නොවේ.
මෙම ව්‍යාපෘති අඩාල විමටද විවිද හේතු සාධක පාදක වන බව මාගේ මතයයි..
ඒ අතර වැඩ අදික වීමත්, ව්‍යාපෘතිය තෝරාගතයුතු විශය පතයන් පිළිබඳ අවබෝධය මද වීමත් ප්‍රධාන සාධක වේ. එයට අමතරව කාල රාමු ඉදිරිපත් කරමින් සිසුවා රාමුවකට කොටු කිරීම නිසා ඔහුට ලැබෙන්නාවූ විශ්වවිද්‍යාල දිවියේ පරික්ෂනාත්මක ව්‍යාපෘතික් ඉදිරිපත් කිරීමේ අවසන් අවස්ථාවට තහංචි පැනවේ.
Posted by ඉන්ද්‍රකීල at 9:47 PM 0 comments

මොරටු ආචරණය Vs මොරටු යකා ගැසීම

අද වෙලාවක් තිබ්බ හින්ද මම සිංහල බ්ලොග් එකක් කියවන කොට මට දැන ගන්න ලැබුනා මොරටු ආචරණය කියලා දෙයක්. ඇත්තටම එතන කියල තිබ්බේ මොරටුවෙ සිරා කොල්ලෝ එච්චරම සිරා නැති කෙල්ලො එක්ක ගොඩ යනවා කියලා.ඒ වසර දෙකක් පමණ කෙල්ලෙක් එක්ක ගොඩ යන්න try කලාට පස්සේ.එතනති තව සිද්දියක් වෙන්නේ මොරටු කැම්පස් එකේ වෙන කැම්පස් වගේ ස්ත්‍රී පාර්ශවය බහුල නොවීමය.
මීට වසර 2කට විතර කලින් මට මගෙ පරණ මිත්‍රයෙක් මුණ ගැහුනා. එයා මොරටු කැම්පස් එකේ ඇතුලෙ ගැට්ට run කරන කෙනෙක්. එයා කිව්ව විදියට කලින් කිව්ව සිද්දිය ඒගොල්ලන්ගෙ බාසාවෙන් මොරටු යකා ගැසීම වේ.
මට මේකෙන් හිතුනේ 2කයි.
එකක් මොරටු කැම්පස් එකේ අපේ සහෝදරයො ඉතාමත් අසහනයකින් පෙළීම. ඇත්තටම මම මෙතනදි ඒ අය පහත් කරල හිතනව නෙමේ.මම දකින්නෙ එක් මිනිස් මූලික අවශ‍‍‍ය්‍යතාවක් වන කෙල්ලෙක්, නොමැතිවීමක් විදියටයි.
අනික එය පිටතට නොපෙන්වීමට ආරූඪ නාමයන් භාවිතා කරමින් එය වසා ගන්න උත්සහ කරනව කියලයි.ආරූඪ නම් අපි පාවිච්චි කරන්නෙ අපිට යම් දෙයක් අන් අයට නොදැනෙන විදියට නම් කිරීමට කියලයි මට හිතෙන්නේ.අඩුම තරමින් එය එක් වසරක් සිට අනිත් වසර සිසුන්ටවත් නොදැනීවමට වග බලා ගත්බවකි. එසේ නොවුනේ නම් භාවිතා වන ආරූඪ නාමය එකක් වීමට ඉඩ තිබිනි.
Posted by ඉන්ද්‍රකීල at 6:59 PM 0 comments

Tuesday, April 20, 2010

වදක භාරී......

බිරිඳ, භාර්යාව, wife ඔය කොයි එකෙන් කිව්වත් කියන්නේ එක කෙනාටමයි. බිරිඳ වනාහී තම දුක සතුට බෙදා ගැනීම සඳහා පිරිමියා ලඟ සිටිනා සෙවනැල්ලකැයි සිතීම විටෙක මා ප්‍රතික්ෂේප කරමි. මා එසේ පවසනුයේ හුදෙක් සෙවනැල්ලක් නොවිය හැකි නිසා නොව, සෙවනැල්ලක් නොවී විටෙක ප්‍රතිවාදියකු වන බැවිනි. ජිවිත්ය බෙදා ගැනුමට වඩා ජීවිතය බදා ගැනුමට පොර බඳින අයෙකු හා ජිවිතය බෙදා ගැන්ම උගහටය.
බිරිඳක සංසුන් ජිවිතයක්, ක්‍රියාවක් අනුගමනය කිරීමක්ම සිදු විය යුතු යැයි මා විශ්වාස නොකරන මුත් සංසුන් මනසක් තිබිය යුතු යැයි දැඩිව විශ්වාස කරමි. මෙය හුදෙක් ගැහැනියට පමණක් නොව පිරිමියා යන ඒකකයේද අංගයක් විය යුතුය.
අන් අයගේ සිතුවිලි වලට බලපෑම් නොකිරීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තක් යැයිද එසේම අන් අයගේ අදහසට ගරු කිරීමද ඒහා සම මට්ටමින් තිබිය යුතු යැයිද මාගේ විශ්වාසයයි.
එසේ නොවීම වදක භාරී යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීමට එක් සුදුසුකමක් වනු ඇත.
Posted by ඉන්ද්‍රකීල at 7:34 PM 0 comments

Monday, April 19, 2010

අසමාන වූ අදහස්

ඇතමෙක් තම අදහස ලෝකයා හට විවර කරනා විට තවෙකෙක් තම අදහස විවර නොකරනුයේ එම අදහසට ලැබෙන්නාවු ප්‍රතිචාරයන් පිළිබඳ වු දෙගිඩියාව නිසාමය.
මේ ලොව පවත්නා කිසිවකු ශාරීරික වශයෙන් සම නොවනා සේම අදහස් මතිමතාන්තර අනුවද වෙනස් වේ. තම අදහස් එකම යැයි පවසන පෙම්වතුන් පවා මෙම යතාර්ථය පිලිගැනීමට මැලිකමක් දක්වනුයේ මන්දැයි මා හට සිතා ගැනීමට පවා අපහසුය. විටෙක තම අදහස් අසමාන යැයි පවසනා ඔවුන් වෙන් වන්නට තීරනය කරනුයේ සදාතනික සත්‍යක් වූ "අසමාන වූ අදහස්"යන ශීර්ෂය සමඟින්ය.
මාහට අත්දැකීමෙන් තේරුම් ගත්හා සේ තම සිත්ගත් පෙම්වතා/පෙම්වතී ඉදිරියේ තම අදහස් යටපත් කොට තබා ගැනීමට මොවුන් පෙලබෙනුයේ තම විශ්වාසය වූ සම අදහස් දරන්නේය යන පුහු මානසිකත්ව බිදෙනා බැවිනි. විටෙක මෙහි වරදක් නොදැකීමට මාද පෙලඹූයේ තම ආදරය අහිමිවේ යැයි වූ බිය නිසාවෙනි. විටෙක මෙය අනාගතයට බලපානා බැව් එසේ සිතී මට පෙලඹුනු මා සේම අන් අයද දන්නාවූ කරුනක් විය හැක.
Posted by ඉන්ද්‍රකීල at 10:14 PM 0 comments
Newer Posts » Home
Subscribe to: Posts (Atom)
Related Posts Plugin for WordPress, Blogger...

To Add Sinhala
Click here

සිංහලෙන්ම කොමෙන්ට්
Online Sinhala English Converter

මගෙන් මතයක්

Loading...


කියවපු කට්ටිය...

Free Hit Counter

Subscribe To

Posts
Atom
Posts
All Comments
Atom
All Comments

Blog Archive

  • ►  11 (2)
    • ►  Jan (2)
  • ▼  10 (10)
    • ▼  Jun (2)
      • ඇත්තටම මම වැරදිද?
      • ලෝක ආරම්බය,ලෝක විනාශය ගැන බුදු දහමෙන් (From Elakir...
    • ►  May (3)
      • මුහුවීම
      • පෞද්ගලික විශ්වවිද්‍යාල
      • මුලක් අගක් නැති නළුකමක්..
    • ►  Apr (5)
      • කුඩා පරිමාණ ව්‍යාපාර..
      • කැම්පස් Final Project.. ( I )
      • මොරටු ආචරණය Vs මොරටු යකා ගැසීම
      • වදක භාරී......
      • අසමාන වූ අදහස්

About Me

My photo
ඉන්ද්‍රකීල
ජීවිතය විඳවන්නට නොව විඳින්නට වෙර දරන, වෙනකෙකුට අත්නොපා වෙනකෙකුට අත දීමට උත්සහ දරන පරම අභිලාශයෙන්, ජීවිතය දකින්නෙක්මි
View my complete profile

Followers

Snap Shots

Get Free Shots from Snap.com

Web site Submition

Submit your web site to a quality web directory today This site is listed under Philosophy Directory
 
Copyright © මගෙන් මතයක්. All rights reserved.